නොගැසූ බව නොකීවෙ කම්පනය නිසායි -


ඇමැති මර්වින් සිල්වගේ පුත් මාලක හා හිටපු ඇමැති මනෝ විජේරත්න මහතාගේ පුත් රෙහාන් සිකුරාදා (21) කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට නියෝග කෙළේය. මාලක හා රෙහාන්ගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් පසුව එම නියෝගය කෙළේය. යුද හමුදා මේජර් චන්දන ප්‍රදීප් සූරසේන ගේ නීතිඥවරයා ද උසාවියට දැන් වුයේ මේජර්  උසාවි එන බවයි. මාලක හා රෙහාන් තමාට  පහර නොදුන් බව දිවුරුම් පෙත්සමක් මගින් මේජර් උසාවියට මීට කලින් කියා තිබිණි. මහේස්ත්‍රාත් -ඇයි මේ බව කලින් නොකීවෙ? නීතිඥ- පහර කෑමට ලක්වූ මේජර් ඒ වෙලාවේ කම්පනයකට ලක් වී හිටියා. මාලක හා රෙහාන් නොගැසූ බව දැනගත්තේ පත්තරවල ඔවන්ගේ පින්තූර දැකීමෙන් පසුවයි. මහේස්ත්‍රාත් - එක් පර්ශවයකට විරුද්ධව නඩුවක් පවරන්නට සිදුවේවි. මාලක හා රෙහාන් සමග රිමාන්ඩ් කළ මාලකගේ රියැදුරා හා ආරක්ෂකයන් සිකුරාදා උසාවි ඉදිරිපත් කරන බව දැනගන්නට ඇත.