(රොමේෂ් මධුෂංඛ)
පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද (11) දහවල් නෙල්ලියඩි වේරුන්දම් සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර නෙල්ලියඩි හා මනලකාඩු ප්‍රදේශයට අද දිනයේද පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා තිබේ.
පපු ප්‍රදේශයට වෙඩි වැදීමෙන් හදවතට ලේ ගලායාම නිසා මරණය සිදුව ඇති බවට එම තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය කරමින් යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. මයුරධන් මහතා කියා සිටියේය.
24 හැවිරිදි යෝගරාසා දිනේස් තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු යාපනය ශික්ෂණ රෝහලේදී සිදු කෙරිණ.



