කොල්ලුපිටියේ තෙමහල් ගොඩනැගිල්ලක ගබ්සා මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය වෛද්‍යවරයකුබව කියන පුද්ගලයකු කාන්තාවන් තිදෙනෙකු සමඟ ගබ්සා කිරීමට යොදාගන්නා ඖෂධ හා උපකරණ රැසක් සොයා ගත් බව වලාන දුෂණ මර්ධන ඒකකය කියයි.
වෛද්‍යවරයාගේ නිවසේ තිබී අසභ්‍ය දර්ශන ඇතුළත් ඩීවීඩි තැටිද සොයාගෙන ඇත.
ගබ්සාවට ලක් කළ කාන්තාවක අධික රුධිර වහනය නිසා රෝහල් ගත කළ බව ද පොලීසිය කියයි.
ගබ්සාවක් සිදු කිරීම සඳහා රුපියල් විසිදාහත් විසිපන්දහසත් මුදලක් අය කරගන්නා බවත් පොලීසිය කියයි.
කොටුව මහේස්ත්‍රාත් අධීකරණයෙන් ගත් සෝදිසි වරෙන්තුවක් අනුව මෙම වැටැලීම සිදු කළේය.

