නුසුදුසු සුදුලූණු විකිණීමට තැබූ ව්‍යාපාරිකයාට සිර දඬුවම්


(මහින්ද නිශ්ශංක)
 
පරිභෝජනයට නුසුදුසු සුදුලූණු කිලෝ 50000ක් විකිණීම සඳහා වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ජාඇල ඒකල ප්‍රදේශයේ ටිරෝන් පෙරේරා නැමැති ව්‍යාපාරිකයකුට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද(4) මසක සිරදඬුවමක් නියම කළේය.

සුදු ලූණු තොගය විනාශ කරන ලෙසද අධිකරණය නියෝග කළ අතර පාරිභෝගික අධිකාරිය මෙම නඩුව පවරා තිබිණි.