නුවරඑළියෙත් බඹර ප්‍රහාරයක්


නුවරඑළිය  වික්ටෝරියා උද්‍යානය නැරඹීට ආ තිස් දෙදෙනෙක් බඹර ප්‍රහාරයකට ලක්ව නුවරඑළිය රෝහලට ඇතුළත් කරනු ලැබූහ. පොළොන්නරුව, තංගල්ල හා මාවරමණ්ඩියෙන්  පැමිණි පිරිසක් ප්‍රහාරයට ලක් වූහ. ඒ අතර ළමයි දස දෙනෙක් ද සිටිති. යූකැලිප්ටස් ගසක තිබූ බඹරයක් ඇවිස්සී ඇතැයි උද්‍යාන සේවකයෝ කියති.