නුවරඑළි උප නගරාධිපතිට වරෙන්තු


බාල වයස්කාර පිරිමි දරුවන් අපයෝජනය කළැයි සැකපිට නුවරඑළිය නියෝජ්‍ය නගරාධිපති තිස්ස සෙනවිරත්න අත්අඩංගුවට ගන්නා ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද නියෝග කළේය.

සැකකරු පොලිසිය මග හැර සිටිතියි පැමිණිල්ල ඉදිරිපත් කළ ළමා රක්ෂණ අධිකාරිය අධිකරණයට දැන්වීය.

වෛද්‍ය පරීක්ෂණ සඳහා කොළඹ රැගෙන ගොස් සිටි දරුවෝ මව්පියනට භාර දෙනු ලැබීය.

ලබන 26 වැනිදා ඔවුන් උසාවියට ඉදිරිපත් කරන ලෙස දෙමාපියනට නියෝග කැරිණි.