නුගවෙල අදිකාරමගෙ කඩු කුණු බක්කියේ
නුගවෙල මහ අදිකාරම්ට අයත් බව කියන කඩු තුනක් බියගමින් සොයා ගැනීමට රහස් පොලීසිය සමත් විය. කොළඹ ජාතික කෞතුකාගාරයෙන් අතුරුදන් වූ මෙම පෞරාණික භාණ්ඩ පසුගිය ජූනි මාසයේ බියගම ප්‍රදේශීය සභා කුණුබක්කියට දමා තිබියදී එහි සේවකයකුට හමුවී ඇතැයි ද ඔහු ඒවායින් දෑකැති හදා ගැනීමේ අදහසින් ගෙදර ගෙන ගොස් ඇතැයි ද රහස් පොලීසියට තොරතුරු ලැබී තිබිණි.

