(නිමන්ති රණසිංහ)
පුද්ගලයකු පැහැරගෙන ගොස් වද හිංසා පැමිණ වූයේ යැයි කියන සිද්ධියකට අදාළව චෝදනා ලැබ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අදාළ චෝදනා සම්බන්ධයෙන් වරද පිළිගැනීමකින් තොරව නඩුව අවසන් කිරීමට නීතිපතිවරයාගේ ස්ථාවරය සඳහා ලබන මැයි මාසයේ 4 වන දින දක්වා නඩුව කල්තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා අද(03) නියෝග කළේය.
මෙම සිද්ධියේ 9 වන චූදිතයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිද්ධියට අදාළව වරද පිළිගැනීමකින් තොරව අවසන් කරගැනීමට හැකියාවක් තිබේදැයි අසා දැනගැනීම සඳහා ඉදිරි දිනයක් දෙන ලෙසට ඇයට නීතිඥවරුන් කළ ඉල්ලීමකට අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

