නීතිපති උපදෙස් නැතැයි දොස්


භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සිදුවී වසර එක හමාරක් ගත වී ඇති නමුත් නීතිපති උපදෙස් ලැබී නැතැයි දෙපාර්ශවයේ නීතිඥවරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාට දැන්වූහ.  ඒ ගැන යළි සිහි කැඳවන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කෙළේය. රිමාන්ඩ් සිර කාමරයේ සිටින ගාමිණි නම් පොලිස් කොස්තාපල්ගේ ඇස් සැත්කමට බන්ධනාගාර රෝහලේ පහසුකම් සලසා දෙන්නැයි ද අධිකරණය බන්ධනාගාරයට නියෝක කෙළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නඩුවට එන දිනයක් ගැන අද කිසිත් සඳහන් වූයේ නැත. යළි විභාගය ලබන 16 වැනි දාට කල් තැබිණි.