නීතිඥවරු අලුත් කඩේ උද්ඝෝෂණයේ
අධිකරණ සේවා කොමිසමට රජය බලපෑම් නොකළ යුතු යැයි ද විධායකය අධිකරණයට ඇඟිලි නොගැසිය යුතු යැයි ද කියමින් නීතිවේදීහු සිය දෙනෙක් පමණ පුවරු ඔසවාගෙන අද දහවල් 12ට අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. නීතියේ ස්වධිපත්‍ය රකින ලෙසත් ප්‍රජාන්ත්‍රවාදය සුරකින ලෙසත් ඔවුහු කියා සිටියහ.

