නීතිඥ සංගමය ඉහළ බලපෑම් හෙළා දකියි
අධිකරණ සේවා කොමිසමට රජයේ ඉහළ තැන්වලින් එල්ල වෙතියි කියන බලපෑම් ද රජයට සම්බන්ධ ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් අධිකණ තීරණ විවේචනයට ලක් කිරීම ද හෙළා දකින බවට ලංකා නීතිඥ සංගමය යෝජනා දෙකක් සම්මත කැර ගත්තේය.
මෙහි මුල් පියවර ලෙස ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය හමුවන බව ලේකම් සංජය ගමගේ මහතා කියයි.
උසාවියට අපහාස වන පුවත් පළ කළැයි කියන ආයතන වලින් එරෙහිව උසාවියට අපහාස කිරීමේ නඩු පැවැරීමේ ඉඩ කඩ සොයා බැලීම සඳහා නීතිඥවරුන් දස දෙනකුගෙන් යුත් කමිටුවක් පත්කැර ඇත.
එම නීතිඥ සංගමයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජයදාස රාජපක්‍ෂ මහතාය.

