නීතිඥ සංගමය අද රැස්වෙයි


අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ ප‍්‍රහාරය ගැනත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීම ගැනත් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය හා අධිකරණ සේවා කොමිෂන් සභාව අද සවස 4ට සාකච්ඡාවක් පැවැත්වීමට යයි. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය සමග පැවැති හමුවකින් අනතුරුව, විධායක සභාවේ ඒකමතික අනුමැතිය මත මෙම සාකච්ඡා පවත්වන බව සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්‍ෂ මහතා කියයි. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති ද මේ රැස්වීමට පැමිණීමට නියමිතය.