කොතෙක් නිදහසට කරුණු කීවද ඉන්දියා ධීවරයින් ශී‍්‍රලංකා නාවික හමුදාව ඇතුළු ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත්වනනේ ඔවුන්ගේම වැරදි නිසා බව ඉන්දියා වෙරලාරක්ෂක හමුදා බලධාරීන් මදුරාසි මහාධිකරණය ඉදිරියේ දිවුරුම් ප‍්‍රකාශයක් දෙමින් සඳහන් කර තිබේ.
වෙරළාරක්ෂක හමුදා බලධාරීන් මෙම දිවුරුම් ප‍්‍රකාශය සිදුකර තිබෙන්නේ ඉන්දියා මහාධිකරණය නියෝග කර තිබෙන පරිදි ඉන්දියා ධීවරයින්ට ආරක්ෂාව සැපයීමට වෙරලාරක්ෂක හමුදා අපොහොසත්ව ඇතැයි ඉදිරිපත්ව තිබෙන පෙත්සමකට පිළිතුරු ලෙසය.
එම පෙත්සමෙන් උසාවි නියෝග කි‍්‍රයාත්මක නොකළේ යැයි ඉන්දියා වෙරළාරක්ෂක හමුදාව වරදකරු කර තිබේ.
අධිකරණය ඉදිරියේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ඇති වෙරළාරක්ෂක හමුදා බළධාරීන් ශී‍්‍රලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන භාගයේදී ඉන්දියා ධීවරයින් ශ‍්‍රීලංකාවේ සිට ජනතාව හා බඩු බාහිරාදිය අනවසරයෙන් ඉන්දියාව වෙත ගෙන ඒමේ ජාවාරම්හි නිරතව ඇති බවටද සාක්ෂි තිබෙන බව පවසා ඇත.නීතිවිරෝධී ක‍්‍රම යොදාගෙන මසුන් මැරීමේ යෙදී ඇති අවස්ථා රැුසක්ද තිබෙන බවත් ඒ කටයුතු සදහා හවුල්වී තිබෙන පුද්ගලයින්ට වහාම දඩුවම් පැමිණවිය යුතු බවත් බළධාරීන්ගේ අදහසවී තිබේ.
අනතුරකට පත් අවස්ථාවක තමන් ඇමතීම සදහා හදිසි ඇමතුම් සංඥා 280 කට වැඩි ප‍්‍රමාණයක් ධීවරයින් වෙනුවෙන්ම හඳුන්වාදී ඇතත් මේ දක්වා එසේ ඇමතුමක් ලබාදුන් කිසිදු ධීවරයෙක් නොමැති බවද වෙරළාරක්ෂක බලධාරීන් මහාධිකරණ විනිසුරු ඉදිරියේ හෙළිකර ඇත.
මෙනිසා සැබෑවටම වරදේ වැඩි බර ඇත්තේ ඉන්දියාවේම ධීවරයින් අත බව ඔවුන් පෙන්වාදී තිබේ.

