නිවිතිගල කැලෙන් පැරැණි ආරාමයක්?


නිවිතිගල එරබද්දේ මාරපන වත්තේ වන රොදකින් ක්‍රිස්තුපුර්ව පළමුවැනි හෝ දෙවැනි සියවසට අයත් බව කියන ශිලා ලේඛනයක් හමුවූ බව සබරගමුව පළාත් පුරාවිද්‍යා පර්යේෂණ සහාකාර එම්. ඩබ්ලිව්. චාන්දනී මහත්මිය කියන්නීය.

කටාරම් ද කොටා ඇති ගල්ලෙන් අක්ෂර වලින් කොටසක් මැකීගොස් ඇතැයි ඇය කියන්නීය. අතීතයේදි මෙහි බෞද්ධාරාමයක් තිබෙන්නට ඇතැයි අනුමාන කැරේ.