නිව්යෝර්ක් නුවරට අඩි 13ක් වතුර ගලයි By None // 2012 ඔක් 30 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඇමෙරිකා ඉතිහාසියේ ලොකුම සුළි කුණාටුවෙන් ඇමෙරිකිවේ වාණිජ අග නගරය වන නිව්යෝර්ක් නුවර අද පාළුවට ගියේය. සුළි කුණාටුවත් සමග ඇතිවූ මුහුදු හා ජල මාර්ග ගොඩ ගැලීමෙන් නිව්යෝර්ක් නුවර ගංවතුරක් ඇති විය. ලක්ෂ පහකට පමණ විදුහිලය නැති විය. බැල්ටිමෝර්, ෆැලැඩෙල්ෆියා හා වොෂින්ටන් මේ කුණාටුවේ ගමන් මග බව කාලගුණ විද්‍යාඥයෝ කියති. එම ප්‍රදේශවලට දැඩි හිමපතනයක් ඇති විණි. දුම්රිය හා බස් සේවා ද පෙර දින සිටම නතර කර තිබිණි. අඩි 13ක් උසට වතුර ගලා ආවේය. පාසල් වසා ගුවන් ගමන් 14000ක් අවංලගු කැරිණි. පහළ මැන් හැට්න් පාරවල බෝට්ටුවල නැගුණු සහන සේවකයෝ විපතට පත්වූවන් මුදා ගැනීමට යුහුසුළු වූහ. නිව්යෝර්ක් නුවර මරණ දෙකක් වාර්තා විය. තට්ටු අනූවක සුපිරි මහල් නිවාසයක් කඩා වැටෙතියි බියෙන් එහි නේවාසිකයෝ ඉවත් කරනු ලැබූහ. ජනාධිපතිවරණයට දින නවයක් තිබියදී ඇතිවූ මේ ව්‍යසනයත් සමග ජනපති බරක් ඔබෝමා සහ ඔහුගේ ප්‍රතිවාදී මිට් රෝම්නි සිය ඡන්ද කටයුතු නවතා දැමීය. නිව්යෝර්ක් කොටස් වෙළදපලද වසා දැමිණි. මීට පෙර එය වසා දැමුණු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ල වුණු දවසේය. මේ කුණාටුවෙන් ඇමරිකාවට ඩොලර් කෝටි 2000ක් (රුපියල් කෝටි 264000) ආර්ථික පාඩුවක් ඇති වෙතියි ගණන් බලා තිබේ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත