නිලූක බැඩ්මින්ටන් ජාතික ශූරතාව 11 වැනි වරටත් අපේක්‍ෂාවෙන්


ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කරන 60 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලිය අනිද්දා (18) ඇරැඹෙයි. තරගාවලිය මේ මස 21 වැනිදා දක්වා කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ. ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේදී පළමු ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට එමින් දස්කම් දැක් වු නිලූක කරුණාරත්න මෙවර තරගාවලියට සහභාගිවන්නේ සිය 11 වැනි ජාතික ශූරතාව දිනා ගැනීමේ අපේක්‍ෂාවෙනි. තරග තහනමකට ලක්ව සිටීම නිසා ජාතික බැඞ්මින්ටන් ශූරයකු වන නිලූක කරුණාරත්නට 2010 වසරේ තරගාවලියට සහභාගිවීමේ අවස්ථාව අහිමි වු අතර එනිසාම පිට පිටම 11 වැනි වරටත් ශූරතාව දිනා ගැනීමේ අවස්ථාව ඔහුට අහිමිව ගියේය. ජාතික ශූරිය ලෙස පිට පිටම වසර තුනක් සිය නමින් සටහන් කිරීමට සමත්ව සිටින අචිනි රත්නසිරි මෙවර තරගාවලියට සහභාගිනොවන බව වාර්තාවේ.