නිලූක ත‍්‍රිත්ව ශූරතා දිනද්දී ප‍්‍රමෝදිකා ද්විත්ව ශූරතා දිනයි


ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සම්මේලනය සංවිධානය කළ 60 වැනි ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ විවෘත පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව 11 වැනි වරටත් දිනා ගැනීමට ජාතික ශූර නිලූක කරුණාරත්න අද (21) සමත්විය.  නිලූක, පිට පිට දෙවැනි වරටත් ත‍්‍රිත්ව ශූරතා දිනාගනිමින් මෙරට දැනට සිටින දක්‍ෂතම බැඞ්මින්ටන් ක‍්‍රීඩකයා බවට තවදුරටත් සනාථ කළේය. ඔහු පැවැති 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් ක‍්‍රීඩකයන් 16 දෙනා අතරට පැමිණෙමින් දැක් වු දස්කම් ජාත්‍යන්තරවද කතාබහට ලක් විය. පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයේදී සිය සොහොයුරු දිනුක කරුණාරත්න පරදවා නිලූක වට 2/0  (21/15, 22/20) ක ජයක් ලැබීය. දිනුක සමග එක්ව පිරිමි යුගල ඉසව්ව ජයගත් නිලූක මිශ‍්‍ර යුගල ඉසව්ව ද තිළිණි ප‍්‍රමෝදිකා සමග එක්ව ජයගත් බැවින් මෙවර ශූරතා ත‍්‍රිත්වයකට ද හිමිකම් කීවේය. කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක‍්‍රීඩා සංකීර්ණයේදී අද නිමා වු මෙම තරගාවලියේදී තිළිණි ප‍්‍රමෝදිකා කාන්තා කේවළ ඉසව්වේ ශූරතාව දිනා ගත්තාය. ඇය අවසන් මහා තරගයේදී ලේඛා ෂෙහානි තරග වට 2/0 කින් පරාජය කළාය. 16 හැවිරිදි ප‍්‍රමෝදිකා ජාතික බැඞ්මින්ටන් ශූරිය වු පළමු අවස්ථාව මෙය වන අතර එහිදී ද්විත්ව ශූරතා දිනා ගැනීමට ද ඇය සමත්වීම කැපී පෙනේ. නිලූක සහ දිනුක සොහොයුරෝ යුගල ඉසව්වේ අවසන් මහා තරගයේදී තිළිණි ප‍්‍රමෝදිකා