නිල්ගල රක්ෂිතයේ කුඹුක් දැව කැපූ අයෙක් අල්ලයි


(ඩී.කේ.රත්න)
 

ඖෂධ උයනක් ලෙස සැලකෙන බිබිල නිල්ගල රක්ෂිතයේ කුඹුක් දැව ජාවාරමේ නිරතව සිටි පුද්ගලයෙකු ඉරන ලද කුඹුක් දැව සහ යාන්ත‍්‍රික කියතක් සමග අද (1) අත්අඩංගුවට ගෙන ඇතැයි මැදගම පොලීසිය පවසයි.
 
අත්අඩංගුවට ගත් තැනැත්තා බිබිල පිටකුඹුර පදිංචි 40 හැවිරිදි අයෙකි.
 
බිබිල නිල්ගල රක්ෂිතයේ කිසියම් පිරිසක් විසින් කුඹුක් දැව ජාවාරමේ යෙදී සිටින බවට මොණරාගල කොට්ඨාස  දූෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගන්නා ලදී.
 
ඉරන ලද කුඹුක් ලෑලි 23ක් ද ඔහු සතුව තිබී පොලිසිය බාරයට ගෙන ඇත.
 
සැකකරු බිබිල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 
මැදගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.