නිලන්ත සමුගනී


 වැලිවේරිය රතුපස්වල සිද්ධියේදී ඝාතනයට ලක්වු  ගම්පොළ කුරුඳුවත්තේ  කොලුවල නිලන්ත පුෂ්පකුමාර(29) මහතාගේ අවසන් කටයුතු  පවුලේ සුසාන භූමීයේදී අද (08) සිදු කෙරිණි.

බියගම වෙළෙද කළාපයේ  සේවය කළ නිශාන්ත ඉකුත් බ්‍රහස්පතින්දා (1)  වැලිවේරීය ප්‍රදේශයේ  සිය  නවාතැන් පොළෙහි සිට රාත්‍රි සේවය සදහා සේවා ස්ථානයට යෑමට වැලිවේරිය නගරයට පැමිණි අවස්ථාවේ  මෙසේ  ප්‍රහාරයට ලක් විය.

කොළඹ ජාතික රෝහලේ සිහිසුන්ව දින තුනක් ප්‍රතිකාර ලැබීමෙන් පසු  ඔහු ඉරිදා (04) සවස  ඔහු මිය ගියේය. ඔහු එක් දරු පියෙකි.