නිලධරයකුගේ සෝදිසිය විනාශයක් වළක්වයි


පස්කන්ද කඩා වැටීමට පැය තුනකට පමණ පෙර අධිවේගී මාර්ගයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු ඒ බවට අනතුරු ඇඟවීම නිසා ජිවිත හානි වළක්වා ගත හැකි  වූ බව  එහි ප්‍රකාශකයකු කියයි. නම හෙලි කිරීමට අකමැතිවූ එම නිලධරයා පැවැසුයේ එම ගල් කන්දේ ඉහළ සිට පහළට ලොකු ඉරක් ඇඳි පැල්මක් ඇතිවන ලකුණු දුටු බවයි. ඔහු වහාම ඒ බව ඉහළට දන්වා මාරගයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගත්තේය. අද රාත්‍රියෙත් පස් කන්ද ඉවත් කිරීමේ කටයුතු දිගටම සිදුවෙයි ඒ සඳහා අලෝක සැපයිමට විදුලි ජනන යන්ත්‍රද ගෙනවුත් ඇත. බැකෝ යන්ත්‍ර 5ක් ද ලොරි 15ක් ද සේවකයෝ 200ක් පමණ ද පස් ඉවත් කිරීමේ කටයුතුවල යෙදී සිටිති.