නිරුවත් වීඩියෝ හැදූ හිමිනම රිමාන්ඩ්


තරුණියන් තිදෙනකුගේ නිරුවත් දර්ශන ඇතුළත් සංයුක්ත තැටියක් හැදුවේයැයි සැකපිට බෙන්තොට කහගල්ල රන්දාගොඩ පානදුරේ චන්දිම (34) ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා නියෝග කළේය.

ඕනෑම කොන්දේසියක් යටතේ ඔහුට ඇප ඉල්ලූ නමුත් චීවරය දරාගත් කෙනකුගෙන් සිදුවන වරද වඩාත් බරපතල බව කියමින් මහේස්ත්‍රාත් ඇප ප්‍රතික්ෂේප කළේය.