(සුසිල් ප්‍රේමලාල් ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර සිට)
ඉන්දියාවේ බුබනේෂ්වර් නුවර කාලිංග ක්‍රීඩාංගණයේදී පැවැති ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ අද (9දා) නිමාලි ලියනාරච්චි (මීටර 800) රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.
මීටර 200 කාන්තා ඉසව්වට සහභාගි වූ රුමේෂිකා රත්නායක රිදී පදක්කමක් දිනාගත් අතර නිමාලි සමග මිටර 800 ඉසව්වට සහභාගී වූ ගයන්තිකා අබේරත්න එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගත්තාය.
ආසියානු ශූරතා ජ්‍යෙෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව විසින් දිනාගන්නා ලද පදක්කම් සංඛ්‍යාව 4 කි.
මීටර 800 කාන්තා අවසන් තරගයේ අවසානය ඉතාමත් තියුණු මුහුණුවරක් ඉසිලූ අතර ඉන්දියානු ක්‍රීඩිකාව නිමාලිට ඉදිරියට ඒමට නොහැකිවන අයුරින් මං තීරුව අවහිර කිරීම නිසා නිමාලිට පළමුව රිදී පදක්කම පිරිනැමිණ.
එහෙත් නිමාලිට සිදුවූ අසාධාරණය සම්බන්ධව ප්‍රධාන තරග විනිසුරුට පැමිණිලි කිරීමටද නිමාලි සහ ගයන්තිකා පියවර ගත්හ. ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණයකින් පසුව නිමාලිට රන් පදක්කම පිරිනැමීමට තීරණය කෙරිණ.

