නිමල් සිරිපාල දැලි පිහියෙන් කිරි කයි


රජයේ දින සියයේ හොඳ වැඩවලට විපක්ෂය සහය දෙන නමුත් එහි තේරුම එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල් වීමක් නොවන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධූරයේ වැඩ බාර ගනිමින් කීවේය.

‘දැන් ජනපතිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. විපක්ෂ නායකත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. එහෙයින් මේ වැඩේ හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ. දින සියයේ වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග සම්බන්ධ වන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යටතේ රජයට සහාය දෙන්නේ රට දෙකඩ නොකරන ඊළමක් නොදෙන කොන්දේසි තිබේනම් පමණයි.‘

බුද්ධ ශාසන ඇමැති කරු ජයසූරිය , අභ්‍යන්තර හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහත්වරුද මෙම අවස්ථාවට පැමිණ සිටියහ..

DSC_3736 DSC_3755 DSC_3845 DSC_3853 DSC_3870