නිමල් ඩිලාන් ඇමැතිවරු ආසන වලින් පරදිති


බදුල්ල දිස්ත්‍රික්කයේ  කැබිනට් ඇමැතිවරුන්  දෙදෙනකු නියෝජනය කරන ආසන දෙකක බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට අහිමි විය. වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා  මහතාගේ බදුල්ල  ආසනය ඡන්ද 6098 කින් ද හා විදේශ සේවා ඇමැති ඩිලාන් පෙරේරා  මහතාගේ හාලි ඇළ ආසනය ඡන්ද 2796 කින් ද  එක්සත් ජාතික පක්ෂයට හිමි විය.