නිධන් හොරා සෙට්ටිකුලමටත් පනී


වව්නියාවෙ සෙට්ටිකුලමේ මුසල්කුට්ටි වැවේ ඉපැරණි බිසෝ කොටුව හාරමින් සිටි පස් දෙනකු අත්අඩංගුවට ගත් බව වව්නියා පොලිසිය කියයි.

බිසෝ කොටුව පුපරවා හැර නිධන් හාරා ඇති බවත්, සැකකරුවන් සෙට්ටිකුලම, අනුරාධපුරය හා තන්තිරිමලේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.

පසුගිය ජුනි 28 වැනිදා ද මෙම ස්ථානයේම නිධන් හෑරූ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.