කොස්ගම පුස්ඇල්ලේ නිවසකින් අත්අඩංගුවට ගත් නිදි පෙති තොගය මත වැඩි කර ගැනීම සඳහා පාවිච්චි කිරීමට යොදා ගන්නට ඉඩ තිබුණු බවට සෞඛ්‍ය අමාත්‍යංශයට තොරතුරු ලැබී ඇත.
අනවසරයෙන් එම නිදිපෙති දෙලක්ෂයක් පමණ ඔහු ගබඩා කරගෙන තිබූ බවත් එවැනි තොගයක් අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙය බවත් අමාත්‍යංශය පවසයි.
කසිප්පු පෙරන්නන් මත වැඩි කර ගැනීම සඳහා නොයෙකුත් ආගන්තුක ද්‍රව්‍ය පාවිච්චි කරන බව සොයා ගෙන ඇත.
කසිප්පුවලින් ද එම ආගන්තුක ද්‍රව්‍ය වලින් ද වන හානිය බොහෝ යැයි වෛද්‍යවරු පවසති.
සැකකරු අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ඔහුට එම නිදිපෙති තොගය විකිණූ තැනැත්තා සොයා ගැනීමට ද අමාත්‍යංශය වෙහෙසෙයි.

