නිදහස් අධ්‍යාපනය සදා රකින බව ජනපති කියයි


මේ රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතී උදුරා ගැනීමට කිසිවකුට ඉඩ නොදෙන බවට මොන තරම් කට කතා පැතුරුව ද රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගනිමින්  ඉදිරියට ගෙන  යන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පැවැසීය. විදේශ ගත දෙමාපියන්ගේ දූ දරුවන්ට ‘මහින්දාභිමානී‘ ශිෂ්‍යත්ව පිරිණමමින් අද අරලියගහ මන්දිරයේ ජනාධිපති එසේ පැවැසීය. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක අමාත්‍යංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එක්ව ශිෂ්‍යත්ව ප්‍රදානය කරන අතර විදේශ ගත දෙමාපියන්ගේ දූ පුතුන් 2500ක් වෙනුවෙන් මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණි.