(මනෝප‍්‍රිය ගුණසේකර)
මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හා නීතීපති දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථා සභාව අවසර ලබාදී ඇත.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මෙලෙස පත් කොට ඇත්තේ මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ආර්. අමරසේකර මහතා, ශිරාන් ගුණරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක් ද සිල්වා යන මහත්වරුන්ය.
අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුධුර සඳහා නම් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කොට තිබු අතර ඒ අතුරින් මෙම මහත්වරුන් ඒ සඳහා අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

