සීතාවක රාජසිංහ රජ මාළිගයේ පිවිසුම් දොරටුව කොටු පවුර හා ලන්දේසි බළකොටුවේ නටබුන් ස්ථිර වශයෙන්ම තහවුරු කර ගැනීමත් සමග බොහෝ පිරිස් එහි එති.
රාජසිංහ මාළිගාව තනා ඇත්තේ අඩි 300ක් දිග පළල භූමියක බවත්, ලන්දේසි බළකොටුවේ නටුබුන් ඇත්තේ ද එහි බවත් සහකාර කැණීම් ශිල්පී ඩී එම් එස් දසනායක මහතා කියයි.
මළිගය සිව්කොනේ බැස්ටියන් මුරපොළ හතරක් ද තිබී ඇත.
සීතාවක රාජධානියේ මෙතෙක් ශිලාලේඛනයක් සොයා ගෙන නැත.
ප්‍රාදේශීය කැනීම් හා කෞතුකාරාග නිලධාරී ජයන්ති බියන්විල මහත්මිය -
‘ක්‍රි.ව 1521 සිට 1581 දක්වා මායාදුන්න රජතුමාත් ක්‍රි.ව 1581-1593 ටිකිරි කුමරු හෙවත් පළමුවැනි රාජසිංහ රජුත් රාජ්‍ය මෙහෙයැවුණේ අපි සොයා ගත් මේ මාලිගයේ සිට.
ක්‍රි.ව 1538 දී මායාදුන්නේ සීතාවක ප්‍රබල රාජ්‍යයක් බවට පත් කරනවා. 1547 කොට්ටේ රාජධානිය විරුද්ධව යුද වදිනවා. එහිදී ඔහු පරාද වී දැරනියගල ප්‍රදේශයට පලා යනවා. කොට්ටේ සතුරු හමුදා පෘතුගීසීන් සමග පැමිණ මේ මාලිගය අඩිතාලම හාරා මාලිගයේ වස්තුව කොල්ලකා මාලිගයද ගිනි බත් කරනවා. 1596 මුල්ලේරියා සටනින් පසු කොළඹ යාපනය හැර ලංකාවේ සියලුම ප්‍රදේශ සීතාවක රාජධානියට අයත් වෙනවා. කන්ද උඩරට විමලධර්මසූරිය රජු සමග පළමුවැනි රාජසිංහ කරන ලද සටනේදී පරාජය වීමෙන් පසු 1587 පළමුවැනි රාජසිංහ රජු මිය යනවා. මේ අතර නිකපිටිය බණ්ඩාර, රාජසුරිය කුමරු, අරිවති කිවෙන්ඩු (පෙරුමාල්) පාලක බලය අපේෂා කරනවා. 1594 දී කොට්ටේ සීතාවක බලය ලබා ගන්නවා. එම අවස්ථාවේ මාලිගාව ගිනිබත් කරනවා. පස්සේ ලන්දේසි බලකොටුවක් බවට පත් වෙනවා. 1685 ඔවුන් මෙය අතහැර යනවා. 1685 සිට පැවැතියේ අවධානයට යොමු නොවුන ප්‍රදේශයක් හැටියටයි. සීතාවක රාජ්‍ය සමයේ ඉතිහාසය එයයි.‘