අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනෙකු ඉඹුල්ගොඩ රිය අනතුරකින් මිය ගියැයි ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති සාක්කි විභාගය ප්‍රධාන මහේස්ත්‍රාත් ඛේමා ස්වර්ණාධිපති මහත්මිය අද අවසන් කළාය.
අන්තරයේ කැඳවුම්කරු, මියගිය සිසුන් දෙදෙනාගේ ඥාතීන් ඇතුළු අට දෙනෙක් මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්කි ඉදිරිපත් කළහ.
කැලණිය සරසවියේ අවසන් වසර ශිෂ්‍ය ජානක බණ්ඩාර ඒකනායක (24) හා රුහුණු සරසවියේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා (21) පසුගිය සැප්තැම්බර් 27 වැනිදා මරු මුවට පත්වූහ.
ජානක බණ්ඩාර ඒකනායක භාවිත කළ ජංගම දුරකතනය මෙතෙක් හමු නොවීම ගැන සැක යැයි ඉදිරිපත්වූ සාක්කිය සලකා බැලූ ඛේමා ස්වර්ණාධිපති මහේස්ත්‍රාත්වරිය එම දුරකතන අංකය ගැන සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කිරීමට පොලීසියට නියෝග කර ජනවාරි 21 දිනට නඩුව කල් තැබුවාය.