නැති සමාගමට කෝටි පහක බඩු රටින් එවලා
හොර ලියැවිලි හදා ආනයනය කළ රුපියල් කෝටි පහක් පමණ වටිනා සුවඳ විලවුන්, පාවහන්, චීස්, කිරිපිටි, සිගරැට් ලයිටර් හා කරඳමුංගු ඇතුළු භාණ්ඩ තොගයක් අඩංගු කන්ටේනරයක් රේගු නිවාරණ අංශය විසින් අද අත්අඩංගුවට ගනැ ලැබීය. ඩුබායි සිට කොල්ලුපිටියේ සමාගමක් වෙත මෙම කන්ටේනරය එවා ඇතත් මෙතෙක් පැවැති පරික්ෂණවලින් අනාවරණය වී ඇත්තේ එවැනි ආයතනයක් නොමැති බව යැයි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ.ඒ. ධර්මසේන මහතා පැවැසීය. ලොරි රියදුරකු හා වාප්පු ලිපිකරුවකු සැකපිට අත්අඩංගුවට ගැනු ලැබ සිටිති.

