නැගෙනහිර සරසවියේ නවක සිසුන් බඳවා ගැනීම කල් යයි



 
 
අමදෝරු අමරජීව 
 
නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමලයේ පිහිටි  සන්නිවේදින හා  ව්‍යාපාර අධ්‍යයනය පීඨ සඳහා 2016/17 අධ්‍යයනය වර්ෂයට නවක සිසුන් ඇතුළත් කර ගැනීම දින නියමයක් නොමැතිව  කල් දැමු බව  මණ්ඩපාධිපති වී.කනකසිංහම් මහතා පැවසිය.


නවක සිසුන්  ඇතුළත් කරගැනිම ලබන 5 වැනි දා (හෙට) නියමිතව තිබු අතර මෙම පීඨවල දැනට අධ්‍යයනය කටයුතු වන නිරත සිසුන් ආරම්භ කර ඇති අඛණ්ඩ පන්ති වර්ජනය සැළකිල්ලට ගෙන පාලනාධිකාරිය මෙම තීරණයට එළඹ තිබේ.


නවක සිසුන්  ඇතුළත් කරගන්නා දිනය පසුව දැනුම්  දීමට බලධාරින් තිරණය කර තිබේ.