නැගෙනහිර විශ්ව විද්‍යාලය වසා දමයි


(ජවුෆර් ඛාන්)

නැගෙනහිර විශ්ව විද්‍යාලය නැවත දැනුම් දෙන තෙක් අද(17) සිට වසා දමන බවට එහි නියෝජ්‍ය උප කුලපති කේ.කරුනාකරන් මහතා පවසයි.

පසුගිය සති කිහිපය තිස්සේ සිසුන් පන්ති වර්ජනය කිරීම හා සත්‍යග්‍රහ කිරීම හේතුවෙන් විශ්ව විද්‍යාලය මෙලෙස වසා දැමූ බව ඒ මහතා කියයි.

සිසුන්ගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත් හා සීසීටීවී කැමරා ඉවත් කරන ලෙසත් සිසුහු අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වූහ.