නැගෙනහිර නටඹුන් සෑයක් ඩෝසර් කරලා


අක්කරේපත්තුව සාගම ආලේඩිවෙම්බු ගමේ ඉපැරණි චෛත්‍යක නටබුන් ඩෝසර් කර කුඹුරක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අම්පාර ප්‍රදේශයේ මහා සංඝරත්නය අද එහි වැඩම කර සත්‍යක්ග්‍රහයක් කළහ. කිරිඳිවැල සෝමරතන හිමි ප්‍රධාන සංඝරත්නය කියා සිටියේ එම ස්ථානය ඉපැරණි බෞද්ධ පුදබිමක් බවත්, එහි ශිලාලේඛණයක් පවා තිබූ බවට සෙරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්වරයා කියා ඇති බවත් ය. කුඹුර හැදීයැයි කියන දෙදෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එම ඉඩමට ඇතුළු නොවන ලෙස ඔවුන්ට දන්වා ඇති බව පොලීසිය කියයි. රජය ඉක්මණින් ක්‍රියාත්මක නොවුණහොත් එම ප්‍රදේශයේ තවත් බෞද්ධ නටබුන් විනාශ වී යතියි හිමිවරු කියති. ඩෝසර් කිරීමට පෙර්‍