නාවික හමුදාපති ලෙස ට්‍රැවිෂ් සින්නයියා පත් කරන්න යයි


නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.
 
නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතය. හෙට දිනයේ ජනාධිපතිවරයා විසින් ඔහුට පත්වීම් ලිපිය ලබා දෙනු ඇතැයි දැනගන්නට තිබේ.
 
සින්නයියා මහතා යුද සමයේ එල්ටීටීඊ යුද නැව් විනාශ කිරීමේදී සහ යුද නැව් අත්අඩංගුවට ගැනීමේදී තීරණාත්මක මෙහෙයක් ඉටු කර ඇතැයි නාවික හමුදාවේ ආරංචි මාර්ග කියයි. පසුගිය රජයේ අවසාන කාලයේදී ඔහු දේශපාලන පළිගැනීම්වලට ලක්වූවකු බව ද එම ආරංචි පවසයි.
 
මාධ්‍යවේදියකුට පහර දුන්නැයි එල්ල වූ චෝදනා නිසා නාවික හමුදාපති විජේගුණරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ග නොකරන ලෙස ජනමාධ්‍ය සංවිධාන ඉල්ලීමක් කර තිබිණි.