අනුරාධපුර යාපනය හංදිය හතරැස් වෙල දුම්රිය ගේට්ටුව අසලදී නාවික හමුදා ජීප් රියක් දුම්රියේ ගැටීමෙන් නාවික භටයෙක් මිය ගොස් පස් දෙනෙක් තුවාල ලදහ.
පූනෑව නාවික කඳවුරේ ප්‍රධානියාගේ බිරිය හා දරුවන්ද තුවාලකරුවන් අතර වෙතියි පොලීසිය කියයි.
මාතර බල යන රජ රට රැජින දුම්රියේ පිටුපසින් නාවික හමුදා රිය ගැටී ඇදී ගොස් තිබිනි.
නාවික හමුදාව දොඹකරයකින් මෙම වාහනය දුම්රිය මාර්ගයෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.
අද අළුයම 4.30 ට පමණ අනතුර සිදුවෙද්දී ගේට්ටුව වසා තිබුනේ දැයි පොලීසිය සොයා බලයි.