නාලන්දේ තරුණ විද්‍යාඥයාට මලයාසියාවේදී තවත් රිදී පදක්කමක්


(ගයාන් සූරියආරච්චි)

මලයාසියාවේ විද්‍යා තාක්‍ෂණ හා නව නිපැයුම් අමාත්‍යාංශය හා රාජකීය හමුදා පාසල එක්ව ප‍්‍රථව වරට සංවිධනාය කළ විද්‍යාඥ සමුළුවේදී නාලන්දා විද්‍යාලයේ ඉගැනුම ලබන රකිඳු රන්දිව් වික‍්‍රමරත්න පාරිසරික අංශයේ රිදී පදක්කම දිනාගැනීමට සමත්විය.

නාලන්දා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගැනුම ලබන රකිඳු, වායු දුෂණය ඇතුලූ පරිසර තත්ත්ව නිසා ගස්වල පරාග මත තැන්පත්වන වායු දුෂක ඔස්සේ අසාත්මිකතා වැඩිකළ හැකි බවට ඉදිරිපත් කළ පර්යේෂණය වෙනුවෙන් රිදී පදක්කම හිමිවිය.

එම විදුහලේ රවිඳු මනෝහර හා තුමත් පීරිස් සහ සුහිත් ජයසේකර යන සිසුහු ද තම පර්යේෂණ වෙනුවෙන් ලෝකඩ පදක්කම් 2 ක් හිමිකර ගැනීමට සමත්වූහ.

මෙම විද්‍යා සමුළුවේදී පෝස්ටර් අංශයෙන් පමණ නොව අන්තර් ජාතික විනිසුරු මඬුල්ලක් ඉදිරිපිට තම පර්යේෂණ සජීවීව ඉදිරිපත් කිරීමෙන්ද තෝරාගැනීම් සිදුවිය. ජාත්‍යන්තර තලයේ පර්යේෂණ හා නව නිපැයුම් එහිදී ඉදිරිපත් කර තිබූ අතර ඔස්ටේ‍්‍රලියාව, ඉරානය, ඉන්දියාව, මලයාසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය, පිලිපීනය, ගුවාමි රාජ්‍යය, නයිජීරියාව සහ ලාහෝසය ඇතුලූ රටවල තරඟකරුවන් 300 කට අධික පිරිසක් සහභාගිවූහ.

මීට පෙර රකිඳු රන්දිව් ජර්මනියේ ස්ටුට්ගාට්හි පැවැති ලෝක තරුණ විද්‍යාඥයන්ගේ සමුළුවේදීද රිදී පදක්කමක් දිනාගැනීමට සමත්විය. එහිදී ලාබාලම තරුණ විද්‍යාඥයා ලෙසද ගෞරවාදරයට පත්විය.