(රංජිත් රාජපක්ෂ )
නුවරඑළිය වලපනේ මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදහන්ව සිටින කලන පැතුම් (15) පාසල් සිසුවාගේ සිරුර සෙවිමේ කටයුතු අද (03) දිනයෙන් අවසන් කිරිම සම්බන්ධයෙන් මෙහෙයුමේ නිරත ආරක්ෂක අංශ වල අවධානය යොමු වි ඇති නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.
මෙහිදි වැඩිදුරටත් අදහස් නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා කියා සිටියේය.
‘නායයාමෙන් විපතට පත් තිදෙනෙකුගේ සිරුර ගොඩගෙන ඊයේ (02) දින භුමිදාන කටයුතු සිදු කරනු ලැබුවා, අතුරුදහන් වි සිටින පාසල් සිසුවාගේ සිරුර පිළිබදව කිසිදු හෝඩුවාවක් තවම ලැබි නැහැ , සිරුර සෙවිමේ කටයුතු සදහා හමුදා භටයින් 50 ක් පමණ කටයුතු කරා. ආරක්ෂක අංශ පවසන්නේ තරමක් අපහසුයි කියා මේ සෙවිම් කටයුතු , වර්ෂාව විටින් විට පතිත වන නිසා නාය ගිය ස්ථානනයට ආයේ පස් පිරෙනවා.
නායයාම සිදු වු ස්ථානය අධික බැවුමක් නිසා යන්ත්‍ර සුත්‍ර යොදා ගන්න බැ , අතින් තමා සියළුම කටයුතු සිදු කරන්නේ. කෙසේ වෙතත් සෙවිමේ කටයුතු අපි අද (03) දිනයෙත් සිදු කරගෙන යනවා. ජාත්‍යන්තර සම්මුතියක් තියෙනවා අතුරුදහන් වුවන් සොයා දින තුනක් සෙවිම් කටයුතු සිදු කරන්න ඕනි කියලා,
මෙහෙයුමේ නිරතව සිටින ආරක්ෂක අංශ නිලධාරින්ගේ මතය අනුවත් , මිය ගිය පවුලේ ඉතිරිව සිටින සමාජිකයන් සමගත් සාකච්ඡා කරලා, කොළඹ ආපදා කලමණාකාරණ මධ්‍යස්ථානයේ උපදෙස් ඇතිව කවදුරටත් සෙවිම් කටයුතු සිදු කිරිම පලක් නොවන බව පැවසුවහොත් සෙවිම් කටයුතු නතර කරන්න සිදු වේවි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වය නිසා ඇති වෙලා තිබුණ ගං වතුර තත්ත්වයන් මේ වන විට පහව ගොස් තියෙනවා, කඩින් කඩ වර්ෂාව තිබෙනවා .
ගිනිගත්හේන, අඹගමුව, නුවරඑළිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ තිබුණු අවතැන් කඳවුරු මේ වන විට පවත්වාගෙන යන්නේ නැහැ, වලපනේ ප්‍රදේශයට තවදුරටත් වර්ෂාව ඇති නිසා නායයමේ අවදානමට ලක් වි සිටින පවුල් 10 කට අයත් සමාජිකයන් මුන්වත්ත පන්සලේ තාවකාලිකව නතර කරලා තියෙනවා, එම කදවුර තවදුරටත් පවතිනවා වර්ෂාව සම්පුර්ණයෙන්ම පහව යනතුරු තියෙනවා.‘ යනුවෙන් පැවසිය.

