නාමල්ට පොලිස් බලතල ක්‍රියාකරන්නැයි නියෝග‍


(නිමන්ති රණසිංහ)
 
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරියකුට තර්ජනය කළැයි කියන සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් පොලිස් බලතල අනුව කි‍්‍රයාකරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (18) නියෝග කළේය.

2015 අංක 43 දරන අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ වගන්ති 8 සහ 9 ප‍්‍රකාරව මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය   අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කරමින් මහෙස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.