නාමල් උයන රක්ෂිතයේ පිහිටි තිරුවානා නිධිය බෝර දමා පුපුරවා එහි තිරුවානා කැබලි විදේශ සමාගමට ලබා දුන් බව කියන තිදෙනක් ඊයේ (04) අනුරාධපුර අඩවි වන කාර්යාලීය නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ.
තිරුවානා නිධිය බෝර දමා විනාශ කරන බව ඉකුත් 2 වැනි දින ලංකාදීප පුවත්පතෙන් හා 3 වැනි දින ලංකාදීප පුවත්පතේ කතු වැකියෙන් කළ හෙළිදරව්වෙන් පසු මෙම පුද්ගලයා අතුඅඩංගුවට ගැනීම විශේෂත්වයකි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පලාගල ප්‍රදේශයේ පදිංචි ඉංග්‍රිසි ගුරුවරයකු බව අනුරාධපුර අඩවි වන කාර්යාලය කියයි.
මේ ක්‍රියාවට වනවාසී රාහුලහිමියන්ගෙන් මෙන්ම ප්‍රදේශවාසින්ගේ ද දැඩි විරෝධතා එල්ලවී තිබිණි.
සැකකරුවන් කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අනුරාධපුර අඩවි වන නිලධාරී ලලිත් ගමගේ මහතා කියයි.

