හඳුනා නොගත් වාහනවලින් අනතුරුවලට ලක්වන්නවුනට වන්දි ලබාදීමට රජය සැරසෙයි.
ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රවාහන අමාත්‍යංශයේදී අද (23) එවැනි පුද්ගලයින් පස් දෙනකුට රුපියල් ලක්ෂය බැගින්ද, රුපියල් හැත්තෑ පන්දහස බැගින් පුද්ගලයින් හතර දෙනකුටද වන්දි පිරිනැමීය.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති අරණ කේ.රණසිංහ ලේකම් චතුර උමගිලිය මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ. මෙවැනි අනතුරු ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා දිවයින පුරා පිහිටි පොලිස් ස්ථානවලට බහු මාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍ර ද අමාත්‍යවරයා බෙදා දුන්නේය.







