(පාලිත ආරියවංශ)
උඩරට දුම්රිය මාර්ගයේ කිතල් ඇල්ල සහ හීල්ඔය දුම්රිය ස්ථාන අතර කිලෝ මීටර් 166 කනුවට නුදුරින් දුම්රිය මාර්ගයේ තිබූ පුද්ගල මළ සිරුරක් නිසා දුම්රිය 3 ක් අතරමග නැවතී තිබේ.
බදුල්ල සිට කොළඹ කොටුව බලා අද අළුයම 5/55 ට පිටත්වූ උඩරට මැණිකේ දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානයේද , කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබු තැපැල් දුම්රිය දෙකක් බණ්ඩාරවෙල සහ හපුතලේද නතර කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෘත දේහය ඉවත් කිරීම සදහා හදිසි මරණ පරික්ෂකවරයකු පැමිණෙන තුරු බලාසිටිමට සිදුවන බව බන්ඩාරවෙල පොලිසිය පවසයි.

