නාගරික පාසල් මේ සතියෙත් නිවාඩු


(ඩයනා උදයංගනී)

නාගරික පාසල් මෙම සතියේත් නොපැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ කලාපය සහ ආසන්න නගර ආශ්‍රිතව ඇති පාසල් සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් ජුනි 27 සිට ජුලි 01 දක්වා සතිය තුළ ද නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම පාසල් සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දින තුනෙහි පෙරවරු 7.30 සිට 1.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර විදුහල්පතිවරුන්ට දැනුම් දී තිබූ අතර, මෙම සතියේත් ඉන්ධන බෙදීම සාමාන්‍ය පරිදි සිදුනොකරන බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබීම නිසා මෙම තීරණය ගත් බව අමාත්‍යාංශය සඳහන් කරයි.