නාග නළඟන නයාගේ අයිතිය ඉල්ලයි.
තම සුරතල් නාගයා දෙහිවල සතුන් වත්තට බාරදීමෙන් මූලික අයිතිවාසිකම් කඩවීයැයි සමාජශාලා නළඟනක වන නිරෝෂා විමලරත්න විසින් පැවැරුණු මුලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මාර්තු 8 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළේය.
නිමල් ගාමිණි අමරතුංග මහතා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිනි.
පොලිස්පති, නීතිපති, කොල්ලූපිටිය පොලිස් ස්ථානාධිපති පෙත්සමේ වග උත්තරකරුවෝය.
නාගයා තමාට බාර දෙන්නැයි ඇය පෙත්සමෙන් ඉල්ලා සිටියි.

