නවසීලන්තය තියුණු ජයක්


(යොහාන් භාසුර)

සංචාරක ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයෙන් නවසීලන්තය කඩුලු 2 ක තියුණු ජයක් අද (13) ලැබීය.

නවසීලන්තය මෙම ජයග්‍රහණයත් සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගත්තේය.  

නවසීලන්ත පිතිකරුවෝ ලකුණු 285 ක ඉලක්කය කඩුලු 8 ක් දැවී සම්පූර්ණ කිීමට සමත් වූහ.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද පෙරවරුවේ වර්ෂාව ඇඳහැලීම හේතුවෙන් දිනය ඕවර සංඛ්‍යාව ඕවර 53 කට සීමා වූ අතර නවසීලන්ත පිලට එම ඕවර 53 දී තවත් ලකුණු 257 ක් රැස්කිරීමට සිදුවිය.  

ශ්‍රී ලංකාව පළමු ඉනිම සියලු දෙනා දැවී 355

නවසීලන්තය පළමු ඉනිම සියලු දෙනා දැවී 373

ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 302

නවසීලන්තය දෙවැනි ඉනිම කඩුලු 8 ට 285