නවසීලන්ත වේග පන්දු යවන්නෝ ශී‍්‍ර ලංකා පිතිකරුවන් අසරණ කරති


වමතින් දඟ පන්දු යවන කී‍්‍රඩක රංගන හේරත් ටෙස්ට් කඩුලූ 20 ක් දවාගත් තණතීරු දෙක මතදීම ශී‍්‍ර ලංකා පිතිකරුවන් අන්ද මන්ද කළ නවසීලන්ත වේග පන්දු යවන්නෝ කොළඹ පී. සරවනමුත්තු කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (28 වැනිදා) වන විට සත්කාරක කණ්ඩායම පරාජයේ දොරටුව වෙත ඇද දැමූහ. මෙම තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 363 ක ජයග‍්‍රාහී ඉලක්කයක් කරා යමින් සිටියද ඊයේ සවස තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා පිලට ලබාගත හැකිවූයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 47 ක් පමණි. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රබලතම පිතිකරුවන් තිදෙනා වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ තිලකරත්න ඩිල්ෂාන්ද සමගින් ආරම්භක පිතිකරු තරංග පරණවිතානද ඊයේ සවසම ආපසු කී‍්‍රඩාගාරයට ගියහ. දෙවැනි ඉනිමේ පළමු පන්දුවෙන්ම පරණවිතාන පිටියෙන් ඉවත් කළ ටිම් සවුතී, ලකුණු 14 ක් ලබා සිටියදී තිලකරත්න ඩිල්ෂාන්ට ආපසු කී‍්‍රඩාගාරයට යාමේ පාර කපා දුන්නේය. ඕවර 4 ක් යවමින් ලකුණු 5 ක් පමණක් ලබාගැනීමට අවසර දුන් ඩග් බ්‍රේස්වෙල්, ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන දෙදෙනාම පන්දු 7 ක් තුළදී ආපසු කී‍්‍රඩාගාරයට යවමින් ශී‍්‍ර ලංකා පිල නොසිතූ විරූ අසීරු අඩියකට ඇද දැමූහ. ඊයේ තරගය ආරම්භ කරන විටත් ශී‍්‍ර ලංකා පිල පන්දුවට පහර දෙමින් සිටි නමුත් පන්දු 25 කින් ශී‍්‍ර ලංකා මුල් ඉනිම ලකුණු 244 කට සීමා කළ ටිම් සවුතී (62/5) සහ ටෙ‍්‍රන්ට් බෝල්ට් (42/4) නවසීලන්ත පිලට ලකුණු 168 ක මුල් ඉනිමේ වාසියක් ගෙන දුන්හ. අනතුරුව පිතිහරඹයට වන් නවසීලන්ත පිල කඩුලූ 9 ක් දැවී ලකුණු 194 ක් ලබාගනිමින් ලකුණු 363 ක ජයග‍්‍රාහී ඉලක්කයක් ශී‍්‍ර ලංකා පිලට දුන්නේය. නවසීලන්ත දෙවැනි ඉනිමේදීත් ලකුණු 75 කට කඩුලූ 5 ක් බිඳ වැටුණ නමුත් පළමු ඉනිමේදී ශතකයක් ලබාගත් නවසීලන්ත නායක රොස් ටේලර් දෙවැනි ඉනිමේදීත් ලකුණු 74 ක් ලබාගනිමින් තරගයේ වාසිය එහැම පිටින්ම තම පිල වෙත නැඹුරු කරගැනීමට සමත් විය. තරගයේ සිවුවැනි දිනය වන අද (28 වැනිදා) පෙරවරු 9.45 ට කී‍්‍රඩාව ආරම්භ වෙයි. තරගය ජයගැනීමට නම් තවත් ලකුණු 316 ක් ලබාගත යුතුය. ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට නම් ශී‍්‍ර ලංකා කණ්ඩායම අද දිනයේ  ඕවර 110 ක් තුළදී සිය කඩුලූ 6 රැකගත යුතුය. ලකුණු පුවරුව නවසීලන්තය - පළමු ඉනිම 412 (කේන් විලියම්සන් 135, රොස් ටේලර් 142, ඩැනියෙල් ෆ්ලින් 53, රංගන හේරත් 103/6) ශී‍්‍ර ලංකාව - පළමු ඉනිම 244 (තරංග පරණවිතාන 40, ඇන්ජලෝ මැතිව්ස් 47, තිලාන් සමරවීර 76, සුරාජ් රන්දිව් 39, ටිම් සවුතී 62/5, ටෙ‍්‍රන්ට් බෝල්ට් 42/4) නවසීලන්තය - දෙවැනි ඉනිම මාටින් ගප්ටිල් - ඇ.ඩිල්ෂාන් ප.එරංග    11 බ්‍රෙන්ඩන් මැකලම් - ස්ට.ප‍්‍රසන්න ජයවර්ධන ප.හේරත්    35 කේන් විලියම්සන් - ඇ.පරණවිතාන ප.කුලසේකර    18 රොස් ටේලර් - දුවද්දී දැවී ගියා    74 ඩැනියෙල් ෆ්ලින් -ක.මු.කළා ප.කුලසේකර    0 කෲගර් වැන් වික් - ඇ.පරණවිතා ප.හේරත්    0 ටොඞ් ඇස්ට්ල් - ඇ.ඩිල්ෂාන් ප.රන්දිව්    35 ඩග් බ්‍රේස්වෙල් - ඇ.කුලසේකර ප.හේරත්     1 ටිම් සවුතී - නොදැවී     8 ජීටන් පතෙල් - ස්ට. ප‍්‍රසන්න ජයවර්ධන ප.රන්දිව්    0 ටෙ‍්‍රන්ට් බෝල්ට් -නොදැවී     6 අතිරේක    6 එකතුව  ඕවර 54 කදී කඩුලූ 9 ක් දැවී     194 කඩුලූ වැටීම : 1-32(ගප්ටිල්), 2-56(මැකලම්), 3-74(විලියම්සන්), 4-74(ෆ්ලින්), 5-75(වැන් වික්), 6-172(ඇස්ට්ල්), 7-177(බ්‍රේස්වෙල්), 8-180(ටේලර්), 9-182(පතෙල්) පන්දු යැවීම: නුවන් කුලසේකර : 12-2-47-2, ශමින්ද එරංග : 10-1-39-1, රංගන හේරත් : 21-3-67-3, සුරාජ් රන්දිව් : 11-1-37-2 ශී‍්‍ර ලංකාව - දෙවැනි ඉනිම තරංග පරණවිතාන - ක.මු.කළා ප.සවුතී    0 තිලකරත්න ඩිල්ෂාන් - ඇ.වැන් වික් ප.සවුතී    14 කුමාර් සංගක්කාර - ප.බ්‍රේස්වෙල්     16 මහේල ජයවර්ධන - ඇ.වැන් වික් ප.බ්‍රේස්වෙල්    5 තිලාන් සමරවීර - නොදැවී     1 ඇන්ජලෝ මැතිව්ස් - නොදැවී    1 අතිරේක    10 එකතුව  ඕවර 15.4 කදී කඩුලූ 4 ක් දැවී     47 කඩුලූ වැටීම: 1-00(පරණවිතාන), 2-35(ඩිල්ෂාන්), 3-41(සංගක්කාර), 4-46(මහේල), පන්දු යැවීම : ටිම් සවුතී : 6-0-19-2, ටෙ‍්‍රන්ට් බෝල්ට් : 5-2-12-0, ඩග් බ්‍රේස්වෙල් : 4-3-05-2, ජීටන් පතෙල් : 0.4-0-01-0