නවසීලන්ත බලාපොරොත්තු සුන්වන ලකුණු
විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ පස්වැනි තරගය ලෙස නවසීලන්තය සහ එංගලන්තය අතර මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී අද (29) පැවැති තරගයෙන් එංගලන්තය කඩුලූ 6 ක ජයක් ලැබීමත් සමග නවසීලන්ත අවසන් පූර්ව තරග බලාපොරොත්තු සුන්වී යන තත්ත්වයට පත්විය.
නවසීලන්තය ‘සුපිරි අට’ වටයේ සහභාගි වූ තරග දෙකම පරාජයට පත්වීම නිසා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අනිද්දා (01) පැවැත්වෙන තරගය ජය ලැබූව ද අවසන් පූර්ව තරගයට පැමිණීමට නම් එංගලන්ත කණ්ඩායමද ශී‍්‍ර ලංක පිල හමුවේ විශාල පරාජයක් ලැබිය යුතු වන යුතු අතරම නවසීලන්ත පිලේ ශූද්ධ ලකුණු වේගය එංගලන්ත පිලට මෙන්ම බටහිර ඉන්දීය කණ්ඩායම් දෙකටම වඩා ඉහළින් තිබිය යුතුය.
නවසීලන්තය ඕවර 20 කදී කඩුලූ 6 ට 148 (කේන් විලියම්සන් 17, රෝස් ටේලර් 22, ජේම්ස් ෆ‍්‍රෑන්ක්ලින් 50, නේතන් මැකලම් නොදැවී 16, ස්ටීව් ෆින් 16/3)
එංගලන්තය ඕවර 18.5 කදී කඩුලූ 4 ට 149 (ඇලෙක්ස් හේල්ස් 22, ලූක් රයිට් 76, එඔයින් මෝගන් 30)

