නවක ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයටත්
සංචාරක නවසීලන්ත පිලට එරෙහිව මේ මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භවන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිල නියෝජනය කළ පිට දඟ පන්දු යවන ක‍්‍රීඩක තරිඳු කෞෂාල් ඇතුළත්ව සිටියි.
රත්ගම දේවපතිරාජ විදුහලෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට පිවිසි 19 හැවිරිදි කෞෂාල්, නවසීලන්තය සමග දැන් පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ද එක්ව සිටී.
ආබාධයකට ලක්ව සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක චානක වෙළගෙදර සංචිතයට එක්ව සිටින අතර ළහිරු තිරිමාන්නට ස්ථානය අහිමිව තිබේ.
ධම්මික ප‍්‍රසාද් සහ ශාමින්ද එරංග 15 දෙනකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින අතර තිසර පෙරේරා සහ නුවන් ප‍්‍රදීප්ට සංචිතයේ ස්ථානයක් නොමැත.
ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය:
මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරණවිතාන, කුමාර් සංගක්කාර, තිලාන් සමරවීර, ප‍්‍රසන්න ජයවර්ධන (කඩුලූ රකින්නා), තරිඳු කෞෂාල්, සුරාජ් රන්දිව්, රංගන හේරත්, නුවන් කුලසේකර, දිනේෂ් චන්දිමාල්, චානක වෙලගෙදර, ශාමින්ද එරංග සහ ධම්මික ප‍්‍රසාද්

