නව නියෝජ්‍ය පොලිස්පතිවරු අටක් පත්වීම් ලබති



ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු අට දෙනෙක් නියෝජ්‍ය පොලිස්පති තනතරුට උසස් වීම් ලබ සිටිති.

ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය මත පොලිස්පති පූජිත ජයසුරන්දර මහතා විසින් මෙම පත් වීම් සිදුකර ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන අනුරාධපුර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨසය බාරව සිටි පොලිස් අධිකාරි එච්.කේ.රවී පීරිස්, මහනුවර කොට්ඨාසය බාරව සිටි එම්.ඒ.ඊ. මහේන්ද්‍රන්,වෛද්‍ය සේවා කොට්ඨාසය බාර සිටි පී.සී.ද සිල්වා, අධිවේගී මාර්ග කොට්ඨාසය බාරව සිටි  ජේ.අයි.ද.ඒ. ගුණතිලක, මන්නාරම කොට්ඨාස බාරව සිටි ඩී.ජේ. පිලහක්කාර, අධ්‍යක්ෂ අපරාධ දෙපාර්තමේන්තුව බාර බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල, ගාල්ල කෝට්ඨාස බර එස්.සී. ගලප්පත්ති, මීගමුව කොට්ඨාස බාර තාවකාලිකව ක්ෂෙත්‍ර බලකා මූලස්ථාන බාරව සිටි ඩී.එම්.ඩී.ජේ.ටී ප්‍රියලාල් මහත්වරු සේ නියෝජ්‍ය පොලිස්පති ධූරයට පත්ව සිටිති.