(මහින්ද නිශ්ශංක)
නව දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ යාන්ත්‍රික ඉංජිනේරුවකු වන එස්.මහානාම අබේවික්‍රම මහතා කැබිනට් මණ්ඩලය මගින් පත්කර ඇත.
ලබන 26 වැනිදා නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සිය ධූරයේ වැඩබාර ගැනීමට නියමිතය. ඒ මහතා දැනට අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරයි.
මේ අතර දැනට සිටින දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා ලබන 24 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ලැබීමට නියමිතය.

